ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්


( නිමන්ති රණසිංහ )


වසරකට අදාල වත්කම් බැරකම්  ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  හිටපු ආහාර හා  සමූකාර අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29)  නියෝග කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන්  හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය   2010  වසර  සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.

 තවත් නඩු 04 ක් අධිකරණයේ විභාග වෙමින් පවතී.


2010 වර්ෂයේ  වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින්  ඉදිරිපත් නොකර සිටීම වරදක්  ලෙස  සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.