
(රෝෂන් තුෂාර)
ජින්තුපිටියේ පසුගිය දා (14) සිදු වූ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජකාරිය පැහැර හැරියේ යැයි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් මෙසේ අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

