ජාතික පාසල්වල ගුරු මාරු නවතයි


(රංජන් කස්තුරි)
 
ජාතික පාසල්වල ගුරු ස්ථාන මාරු තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
 
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු නොකරන්නැයි ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සලකා එම පියවර ගත් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
ගුරු ස්ථාන මාරු සඳහා ඉදිරියේදී විද්‍යුත් යෙදවුමක් (ඇප්) හඳුන්වා දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.