ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ  විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.