
(නිමල් ජයරත්න)
ජාතික ජනබල බලවේගයට බලය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12 කින් සම්මත විය.
සභාපති ඩී.ඩබ්ලිව්. වසන්ත මහතා විසින් අයවැය ඉදිරිපත් කළ අතර, ඊට පක්ෂව සභිකයන් 12 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ, විරුද්ධව දෙදෙනෙක් ඡන්දය භාවිතා කළහ.
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට සභිකයන් 08 ක් ,සමගි ජන බලවේගය සභිකධූර 04 ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභික ධූර 02, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට සභික ධූර 02 හා එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 01 වශයෙන් සභික ධූර 17 කින් සමන්විත වේ.
මෙම සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයක් වූ එම්.ජී.දුලීකා කුමාරි අත්තනායක මහත්මිය මීට මාස දෙකකට ඉහතදී යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 20 මිය ගියාය.
තවද ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ සභිකයකු වූ කේ. විවේකානන්දන් මහතා හදිසි රාජකාරී කටයුත්තකට යෑම සඳහා අවසර ඉල්ලා විපක්ෂයේ එකඟතාවය අනුව අයවැයට සම්පූර්ණ සහය දෙන බවට ප්‍රකාශ කර සභා ගැබෙන් පිටව ගියේය.
අයවැය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි ආර්.ඩබ්ලිව්. සේපාලිකා මහත්මිය ස්වාධීන වී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියාය.

