ජාජබ පෙත්සම කල් යයි


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 9 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණ.