ජවිපෙ උද්ඝෝෂණයක් 12 වැනිදා


(පද්මිණි මාතරගේ)

රට අපරාජිත කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් 12 වැනිදා උද්ඝෝෂණයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා පැවසීය.
 
මෙම උද්ඝෝෂණය පස්වරු 3.00ට ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා, තරුණ ඇතුළු බලවේග රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පවත්වන බවද ඒ මහතා කීය.
 
උද්ඝෝෂණ හා පාගමනට සමගාමීව ඉරිදා (9) සිට රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය සැලසුම් කර ඇත.
 
එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ට රට පාවා දෙන, බදු බරෙන් බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතා සවියත්, විදේශයන්ට බිලි දෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සිය පක්ෂය දැඩිව අවධාරණය කර සිටින බවද ඒ මහතා පැවසීය.