
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා නිසා ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියට අයිතියක් නැතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛරය නිවෙන්නේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් බව එදා ජේ.ආර් ජයවර්ධන ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වී කළ ප්‍රකාශය ඓතිහාසිකයි.නමුත් ආණ්ඩුවේ ඔබතුමාලා ප්‍රේමය කියන එක හඳුනන්නෙත් නෑ.ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ලංකාව කුඩු පිරුණු රටක් බවත් පාතාල රජ දහනක් ලෙසත් හඳුන්වා දුන්නා.ජේ.ආර් එදා කතා කළේ මේ රටේ ජීවත් වන ජනතාවගේ පෞරුෂය ,නිහතමානී කම ගැන.රටක අභිමානය කියන්නේ ඒක.මේ පාර්ලිමේන්තුව අපට ජපානයෙන් නොමිලේ ප්‍රදානයක් විදියට ලැබුණේ ජේ.ආර් නිසා.ඉතින් 76 වසරක සාපය ගැන කතා කරන ඔබලාට ඒ පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් අයිතියක් නෑ යැයි මන්ත්‍රීවරයා කීය.

