ජරා සීනි ගබඩාවක් පෑලියගොඩින් අල්ලයි


(එච්.එම්.ධර්මපාල)

කල්ඉකුත්වූ සීනිතොග ගබඩාකර නැවත ඇසුරුම්කර වෙළද පලට නිකුත් කරනු ලැබූ මහා පරිමාණ ගබඩාවක් පෑලියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මගින් ලබාදුන් තොරතුරකට අනුව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රභාරක බලකාය හා පාරිභෝගික සේවා අධිකාරිය නීලධාරීන් හා එක්ව සීදුකල වැටලීම සිදුකර ඇත.

එහි තිබූ කල් ඉකුත්වූ පාරිභෝජනයට නුසුදුසු සිනි තොග සමග එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය .

වැටලීම සිදුකරන විටත් එහි තිබූ සීනි නව ඇසුරුම් වල බහා කල්ඉකුත්වීමේ දිනය සහ වෙළද නාමය වෙනස් කරමින් වෙලද පොළට යැවීමට සූදානම් කර තිබූ බවත් ,දුර්වර්ණ ගැන්වී කල්ඉකුත්වූ සීනි තොග නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා විකිණීම සිදූකර ඇතී බවත් අනාවරණය වී ඇත.