ජයන්ත කැටගොඩගේ ගෙට පහරදුන් තරුණයෙක් මාට්ටු


(ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මාලබේ නිවසට පහර දි අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මැයි 09 දින සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මොහු සම්බන්ධයෙන් විමර්ශනයේ දී හෙළි වූ තොරතුරු අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාලබේ ප්‍රදේශයේ පදිංචි (21) හැවිරිදි තරුණයෙකි