
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් දින කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ.
එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බව වාර්තා වේ.
කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම 12.57 ට පමණ පුපුරා ගොස් ඇත් අතර ඊට පසුවද අලුයම 2:30 ට සහ පෙ.ව. 8:50 ට පමණ තවත් පිපිරීම් දෙකක් සිදුව ඇති බවද වාර්තා වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් 18 දිනෙන් පසු එනම් මාස 13 කට ආසන්න කාලයක් තුළ කිලෝමීටර 4 ක් හෝ ඊට වැඩි උසකට ළඟා වූ පළමු පිපිරීම මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අළු වැස්ස සහ ඒ ආශ්‍රිත හේතූන් මත කගෝෂිමා ගුවන් තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් 30 ක් අවලංගු කර ඇති බව විදෙස් ප්‍රාදේශීය මාධ්‍ය ද වාර්තා කරයි.
සකුරාජිමා යනු ජපානයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර විවිධ මට්ටම්වල පිපිරීම් නිතිපතා සිදු වේ.
2019 දී එය කිලෝමීටර 5.5 (සැතපුම් 3.4) ක් තරම් ඉහළට අළු විසිකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(හසිනි නවෝද්‍යා)

