ජපානය මෙරට ව්‍යාපෘති ගැන උනන්දුවෙන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ඉමොටෝ සචිකෝ මහත්මිය අතර පැවති හමුවකදී සචිකෝ මහත්මිය මේ බව පවසා තිබේ.වොෂින්ටනයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම හමුව සිදුව ඇත.

එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බවද ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා තිබේ.