ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීමට එජාපයේ සහය


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබා දෙන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම පිළිබඳව විවිධ අදහස් තිබුණද පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නැති බව කී මහලේකම්වරයා ජනාධිපති වැයි ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය පලකරනු ඇතැයිද සඳහන් කළේය.