ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි බාර ගැනීම අවසන්


(රංජන් කස්තුරි)

වාර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි බාර ගැනීම අද (19) අවසන් කෙරිණි.

රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මහා පරිමාණ පැමිණිලි ඇතුළු පැමිණිලි 1142 ක් ලැබී තිබුණ බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන රජයේ මුද්‍රණාලය ,ලංකා විදුලිබල මණ්ඩලය,ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු රජයේ ආයතන කිහිපයක්ම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණ චෝදනා සහිත පැමිණිලි  ලැබී තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.