ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා යෝජනා කළ අතර  හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා  යෝජනා කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එම යෝජනාව ස්ථිර කිරීම විශේෂත්වයක් විය.

ජනාධිපතිවරණය සඳහා තමා ද ඉදිරිපත් වන පෙර බව මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට එම පක්ෂය අද  තීරණය කර ඇත.