ජනපතිත්-අගමැතිත් විශේෂ කාරක සභාවට කැඳවන්න තීරණයක්


(රංජන් කස්තුරි)
 
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.
 

තවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ඉදිරියේදී සාක්කි ලබා ගැනීම සඳහා කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.
 
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තිබෙන බව ද ඔහු කීවේය.