ජනපතිගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැති ඉල්ලයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා එවන් ඉල්ලීමක් කළ ද එසේ කිරීම අපහසු කාර්යයක් වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.