ජනපති යළි දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපතිවරයා සමග එරට උත්සවය සදහා ගොස් සිටි දූත පිරිස ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ .