ජනපති පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව අමතයි


(අංජුල මහික වීරරත්න)

රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් කාර්ය භාරයක් පැවරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර දී පැවසීය.

ඩිජිටල්කරණය තුළින් පොදු රාජ්‍ය මණ්ඩල සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා  ඉල්ලා සිටියේය.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් අතර මෙම හමුව පැවැත්විණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.