ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ


(නිමල කොඩිතුවක්කු)

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.

ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක වෛද්‍ය රුවීස් හනීෆා මහතා ප්‍රේමදාස පිළිරුවට මල්දම් පැලදූ අතර ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එහිදී පුෂ්පෝපහාර දැක්වූහ.

මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වී වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් ආගමික වැඩසටහන් රැසක්ද මෙම සැමරුම් වැඩසටහනට සමගාමීව පැවැත්වුණි.

ඡායාරූප : සුමුදු හේවාපතිරණ