ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි. 

සැකකාරු  නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත. 

වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.