(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවැත්වේ.
ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෝ තිදෙනෙක් තරග වදිති.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තිදෙනාය. මෙම ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත.
ඡන්ද විමසීම සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ටද විශේෂ ආරක්ෂාව ලබාදෙන බව පොලිසිය පවසයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)