ඩයනා උදයංගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන අද (14) තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඒ කවුරුන්ද යන්න දැන්ම රටට කියන්නේ නැතැයි කීවේය.
ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

