ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්


 

(අංජුල මහික වීරරත්න)

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. 

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්න සහ ජපානය විසින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.