(හසිත රංග ගුණතිලක)
මත්කුඩු හා මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට මත්කුඩු විරෝධී පෙළපාලියක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 31 දින කොළඹ දී පවත්වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අද (19) පැවැසූහ.
අනාගත දරු පරපුර සහ සංස්කෘතිය විනාශ කර දමන මත්කුඩු හා මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් සහමුලින්ම ඉවත් කිරීමට සියලුම ජාතීන් එකට එකතු විය යුතු කාලය එළඹ ඇතැයි ද කාදිනල්තුමන් කීහ.
බොරැල්ල මරදාන පාරේ පිහිටි අගරදගුරු මැදුරේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රංජිත් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.
රටේ සියලුම ජනතාව මත් උවදුරින් මුදවා ගැනීම සහ මාර්තු 31 වන දින බස්නාහිර පළාතේ සියලුම ක්‍රිස්තියානි දේවස්ථානවල දේවමෙහෙයන් පවත්වන බවත් දේවමෙහෙයෙන් අනතුරුව එම ජනතාව දේවස්ථාන ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වන බවද කාදිනල්තුමා පැවැසූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



