
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා උද්ඝෝෂණ වලට සවන් දුන්නේ නැතිනම් ජනතාව විසින් රාජපක්ෂ පවුල ඇතුළු සහචරයන්ට බෙල්ලෙන් අල්ලා එළියට දමන දවස වැඩි ඈතක නොවේ යැයි මඩකළපුව මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය
"අපේ ජනාධිපති ජාත්‍යන්තරයට ගිහින් කියන්නේ මොනවාද?මේ වචන නිසා ලංකාව ජාත්‍යන්තර හමුවේ ලැජ්ජාවට පත්වෙනවා.පසුගිය කාලයෙත් අපේ රාජ්‍ය නායකයෙක් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කළාද?මෙි නිසා දියුණු රටවල් අපට උදව් කරන්නේ නැහැ.ආණ්ඩුව ඉන්නේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එපා කියන තැනකයි යනුවෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා ත්‍රිත්වයට අදාළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාසමාණික්කම් මහතා පැවසීය.

