ඡන්ද මධ්‍යස්ථානයේ අසනීප වූ පුද්ගලයකු මරුට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන භූමියේ දී  හදිසියේ අසනීප වූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පානදුර රෝහල්  පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පුද්ගලයෙකි.

ඔහු  ඡන්දය ප්‍රකාශ කර පැමිණෙමින් සිටියදී මෙලෙස අසනීප වී තිබේ.