(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඩා මැදවච්චිය චීනගේ වත්ත නමැති ප්‍රදේශයේ නිදන් ගොඩගැනීමට ගැනීමට කැණීම් සිදුකරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම සැකකරුවන් පුද පූජා පවත්වමින් කැණීම් සිදුකරමින් සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකායේ වෘත්ත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 70, 52, 54, 56 ,47 ,50 ,48 ,34 සහ38 යන වයස්වල පසුවෙති.
මෙම සැකකරුවන්පොලොන්නරුව, උහන, අඹන්පොල ,අඹේපුස්ස ,බඩල්කුඹුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

