
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර එකී කාල සීමාව තුළ සිනමා කර්මාන්තයට අදාළ තාක්ෂණය වෙනස් වීම මෙන්ම, සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි ද විශාල වෙනස්කම් සිදුව ඇත.
වර්තමානයට ගැලපෙන අයුරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආයතන ව්‍යූහය හා කාර්යභාරය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ජාතික චිත්‍රපට සංස්ථා පනත මඟින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපාය මාර්ගික දිශානන්තියක් ඇති කිරීමේ අරමුණින් සහ සිනමා නියාමනය හා සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය යන කාර්යයන් සිදු කළ හැකි වන පරිදි ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලයේ ව්‍යුහය හා කාර්යභාරය සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර, ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

