(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරයා ආයතනය සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළ දැනුම් දීමකින් පසු අමාත්‍යාංශය මේ පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වූ බවයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඔය කියන ආකාරයේ වැඩ තහනම් ලිපියක් තමාට මෙතෙක් ලැබී නැති බවත් තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වී ඇති හෙයින් වැඩ තහනම් ලිපියක් ලැබුණත් තමා ඊට කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
චමල් සංජීව මහතා පසුගිය මහ මැතිවරණයේදී සමග ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණේය.