(නිමල් ප්‍රේමචන්ද්‍ර)
මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26 න් ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ඇත්තේ කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ බී.එම්.චනුදි පමෝද්‍යා බන්නැහැක සිසුවියයි.
ඇය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගෙන ඇත.
කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26 න් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාව 578 කි. ඉන් සිසුන් 485 ක් සිංහල මාධ්‍යයෙන් වන අතර සිසුන් 93 දෙනෙක් දෙමළ මාධ්‍යයෙනි.
චනුදි පමෝද්‍යාගේ පියා මහව ප්‍රාදේශීය මහලේකම් නදුන් සම්පත් මහතායි.
චනුදි පමෝද්‍යා සිසුවිය ඉගෙනීමේ කටයුතු වලට මෙන්ම ගායන,නර්තන, චිත්‍ර ,කථික යන අංශවලින්ද සුවිශේෂී දක්ෂතා දක්වන සිසුවියක් බව ඇගේ පංති බාර ගුරුතුමිය වන එච් .ඒ.එන්.එස්.පේමරත්න මහත්මිය පැවසුවාය.


