(දසුන් රාජපක්ෂ)
ඝෝෂාකාරී ලෙස ගීත වාදනය වන හෝ වීඩියෝ ක්‍රියාත්මක කරන, පෞද්ගලික සහ ලංගම බස් රථ සම්බන්ධයෙන් 1955 නම් ක්ෂණික දුරකතන අංකය අමතා පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් අද (30) පැවසීය.
එම දුරකතන අංකයට ලැබෙන පැමිණිලි මත බස් රථ රියදුරන්ට සහ කොන්දස්තරවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම දුරකතන අංකය මගින් මගී ප්‍රවාහන බස් රථ මන්දගාමීව ධාවනය කිරීම, කොන්දොස්තරවරුන් හා රියදුරන් අවිනීතව සහ නීති විරෝධීව මගී ජනතාවට හිංසාවක් වන පරිදි හැසිරීම යන කරුණු සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි කළ හැකි බවද එම ප්‍රකාශකයා පවසා සිටියේය.
1955 ක්ෂණික දුරකතන අංකයට අමතරව ඉදිරියේදී තවත් දුරකතන අංකයක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හඳුන්වාදීමට නියමිතය.

