ඝාතනය වූ පොලිස් ආරක්ෂකගේ ඒ.ටී.එම්. කාඩ් එකෙන් බඩුගත් දෙකක් මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

නිට්ටඹුව ප්‍රදේශයේ  දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා  ඝාතනය කර  ඔහුගේ රියදුරු ෙග් පසුම්භියේ තිබු  ඒ.ටී.එම්. කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත්  සැකකරු ෙවා් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සැකකරුවන් දෙදෙනා  දින මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති දෙදෙනෙකු බවත් පැහැර ගත් එම  කාඩ් පතෙන්  ජංගම දුරකථන දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ 2 1/ 2 භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ඒ.ටී.එම් කාඩ් පත රියදුරු ගේ බිරිඳට අයත් එකක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සිද්ධිය වූ දිනයේ රථය පැදවූ මෙම රියදුරු ඉවතට රැගෙන ගොස්   මාර්ගයේ ඇති විදුලි පහන් කණුවක ගැටගසා පහරදී ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

රියදුරු පහර දෙන අවස්ථාවේ සැකකරු  විසින් මෙම කාඩ් පත සොරාගෙන ඇති බවත්, කාඩ් පතෙන් මිලදී ගත් භාණ්ඩ ඔවුන් යළිත් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කර ඇති බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27, 28  වයස්වල පසුවන නිට්ටඹුව සහ වරකපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද බව ද හෙතෙම කීය.

මෙම සැකකරුවන් දෙදෙනා සමගම  නිට්ටඹුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 14 දෙනකු අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය