(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කරන්නැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශයට නිර්දේශ නිකුත් කර තිබේ.
මේ වන විට ලංකාවේ වන සත්ත්ව ගහනය වනාන්තර ගණයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවද ඒ නිසා වාර්ෂිකව වන සතුන්ගෙන් වගාවන්ට වන හානි ඉහල ගොස් ඇතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු මධ්‍යස්ථානය පවසයි.
වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිස්වල සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් අදාල වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කර තිබේ.
මේ වනවිට රටේ පවතින වන ගහනයට සාපේක්ෂව දරාගත නොහැකි අන්දමට වන සත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් Agrarian – Wildlife Conflict Management Unit ස්ථාපිත කරන ලෙස ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය නිර්දේශ කර තිබේ.

