(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේවැල්දෙණිය නගරයේදී පසුගිය 4 වැනිදා මැර කණ්ඩායමකගේ ප‍්‍රහාරයට ලක් වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හා ඔහුගේ මව වරකාපොල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (07) අධිකරණයට ඉදිරිපත් කළ බව මීරිගම පොලිසිය කියයි.
නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ඉකුත් 4 වැනිදා සවස අරුක්ගොඩ සිය නිවසේ සිට 72 හැවිරිදි මවට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා වේවැල්දෙනිය නගරයට මෝටර් රියෙන් පැමිණි අවස්ථාවේ මෙම ප‍්‍රහාරයට ලක්වී ඇත.
කොළඹ දෙසට මාර්ගයේ වාහනය නවතා මව බෙහෙත් ශාලාවට යවා ගාමිණි මහතා පාරෙන් අනෙක් පසට පැමිණ අවශ්‍යතා මිලදී ගෙන යලි පාර මාරුවී ඇත.
ඔහු සමඟ තවත් දෙදෙනෙකු පදික මාරුවෙන් ගමන් කර ඇති අතර පාර මාරු වෙද්දී කිසියම් පිරිසක් පරුෂ වචනයෙන් බනිනවා ඇසුණු ගාමිණී මහතා පසු පස බලා මව සිටින ස්ථානය කරා ගමන් කර ඇත.
ඒ සමඟම පාරේ අනික් පස සිටි දෙදෙනෙකු පැමිණ ගාමිණී මහතාට පහරදී ඇති අතර එම සිද්ධිය දුටු ඔහුගේ මව එතැනට පැමිණි අවස්ථාවේ ප‍්‍රහාරකයන් දෙදෙනාවම බිම පෙරලාගෙන පහරදුන් බව ගාමිණී මහතා කීය.
අසල්වැසියෙක් මේ දෙන්නා ඔහුගේ වත්තට ඇතුල් කරගෙන ගේට්ටුව වසා දැමීමෙන් පසුව ඒ ස්ථානයට කඩා වැදුනු සිව් දෙනෙකු යලි දෙදෙනාට පහරදී ඇත. ඒ අතර තවත් දෙදෙනෙකු පැමිණ පහර දෙද්දී අසල්වැසියා ඔවුන් දෙදෙනා මැර කල්ලියෙන් බේරාගෙන නිවස ඇතුළට ගෙන දොරගුළු දමා ආරක්ෂාව සැලසූ බවත් පොලිසිය පැමිණීමෙන් පසු පැමිණිල්ල සටහන් කර මීරිගම රෝහලට ඇතුලත්වූ බවත් ගාමිණී මහතා කීය.
පහරදුන් පිරිස මංගල උත්සවයකට ගොස් තී‍්‍ර රෝද රියකින් පැමිණි පිරිසක් බවට හඳුනාගෙන ඇත. මීරිගම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පසුදින නිවසට ගිය මව යලි අසනීපවීම නිසා 5 සවස වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.
ගාමිණී මහතාද වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පෙරේදා 6 වරකාපොල රෝහලට ඇතුළත්වී ඇත. 72 හැවිරිදි සිය මව ඔස්ටියෝපොරසීස් රෝගී තත්වයෙන් පෙලෙන අයකු බවද කියයි.
සිද්ධීයෙන් පසුව ඒ අසල සිටි අයෙකු අයියාට ගහන්න හේතුව දන්නවායැයි ප‍්‍රකාශ කළ බවත් පස් කැපීම් හා ගල් කැඞීම් සම්බනධ පරීක්ෂණ සඳහා තමන් පැමිණෙන නිසා එවැනි දේට සම්බන්ධ පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව සැක කරන බවද ගාමිණී මහතා පැවසීය.
සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වා ඊයේ (6)සවස එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අද (7) උදේ තවත් සැකකරුවන් පස් දෙනෙකු පොලිසියට ඉදිරිපත්වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමේ ඉල්ලීමක් සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.

