ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක්


(  තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566  දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය  සදහන් කරයි.

එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම කැලණිය  කොට්ඨාසයෙන් ආසාදිතයින් 79 ක්,  මහර  - 75 ක්,  ගම්පහ  - 45 ක්,  අත්තනගල්ල සහ දොම්පෙ   - 42 ක් බැගින්,  ජාඇල - 41 ක්, දිවුලපිටිය  - 34 ක්,  සීදූව  - 29 ක්,  මීරිගම  - 27  ක්, රාගම  සහ වත්තල  16 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ  - 15 ක් සහ මීගමුව  - 8 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇතැයිද එම කාර්යාලය කියයි.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 515 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් ආසාදිතයින් 51 ක් වශයෙන් හමුව ඇති බව එහි වෙබ් අඩවියේ සදහන්ය.

ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් 469 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇත.

මේ වනවිට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,820 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 2,80,859 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.