
දකුණු ආසියානු කලාපීය ගුවන් නිරුපද්‍රිතතාවය වර්ධනය උදෙසා යුරෝපීය ගුවන් සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) විසින් සංවිධානය කළ 08වන ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව (ICF) කොළඹ හිල්ටන් හොටල් පරිශ්‍රයේදී පැවැත්විය.
මෙම සමුළුව ඔස්සේ කලාපීය වශයෙන් ගුවන්සේවා දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම ආසියානු කලාපයේ ගුවන්සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය වන අතර ගුවන්ස්සෙවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්,ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තකරුවනට ජාත්‍යන්‍තර වශයෙන් අත්දැකීම් එක්කර ගැනීමට අවස්ථාව උදාවේ.
මේ සඳහා විදේශීය රටවල් 29 ක් සහභාගී වූ අතර දේශිය මෙන්ම යුරෝපීය,අප්‍රිකානු සහ ආසියානු කලාපීය රටවල ජේෂ්ඨ ගුවන් සේවා වෘතිකයින් 100 දෙනෙකු සහ යුරෝපීය ගුවන්සේවා ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂවරුන් පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



