(ටී.කේ.ජී.කපිල)
ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.
සැකකාර චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසනවල පැමිණ තිබූ අතර , ඔවුන් සමග චීන ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි .
ගුවන් මගීන්ට සුවදායක නින්දකට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා එහි විදුලිය නිවා දමා තිබූ අතර ඒ අවසරයෙන් ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක් , එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ .
මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා , ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමට යාමේදී මුදල් නොමැති බව දැන ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි .

