
(එම්.දසනායක)
මහනුවර හාරගම මාර්ගයේ ගුරුදෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් අද (13) සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් යුවළ ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
හාරගම සිට මහනුවර දෙසට ධාවනය කල පුද්ගලික ආයතනයකට අයත් භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට හැරවීමත් සමගම පසුපසින් පැමිණ යතුරුපැදිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන තලාතුඔය පොලීසිය සඳහන් කරයි.

