(සමන් පාලිත නානායක්කාර)
ඔන්ලියන් අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් සංඥා ලබා ගැනීම සඳහා ගසක් මත තැබූ රුපියල් 50,000ක් පමණ වටිනා ස්මාර්ට් ඡංගම දුරකතනයක් රිලවකු ඩැහැගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල කිරිමැටියේ ගුරුවරියක කියන්නීය.
රුපියල් 50,000ක පමණ වටිනා කමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙසේ රිළවකු කැලෑවට ඩැහැගෙන ගිය බව එම ගුරු මහත්මිය පැවසුවාය .
අන්තර්ජාල භාවිතයට ප්‍රමාණවත්ව සංඥා නොමැති හල්දුම්මුල්ල කිරිමැටිය ගම්මානයේ නිවස්වල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගැනීමට හල්දුම්මුල්ල විදුහලේ 4 වන ශ්‍රේණියේ දරුවන්ට උදේ හයයි තිහට සුපුරුදු පරිදි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම කරගෙන ගිය බවත් දුරකථන සංඥා නොමැති නිසා සෑම දිනකම ජංගම දුරකථනය ගසක් මුදුනේ තබන බවත් මෙම ගුරු මහත්මිය පැවැසුවාය.
ඉගැන්වීම් කටයුතු කරන අතරතුර එක්වරම සංඥා ක්‍රියාවිරහිත වීම පිළිබඳ සොයා බැලීමේ දී රිලවෙකු ජංගම දුරකථනය රැගෙන යන අයුරු දුටු බවත් කෑගසන විට රිලවා එය රැගෙන කැලෑ වැදුණු බවත් එම ගුරු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

