ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව ලබන සතියට කල් යයි


(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සාකච්ඡාවට ගැනීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතියට කල් දමනු ලැබ ඇත .

මෙම අනු කමිටුව විසින් සකස් කරන ලද පිටු අටකින් යුත් වාර්තාව ඊයේ (23)පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ,එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් ලබන සතියට කල් දමා තිබේ .

ඩලස් අලහප්පෙරුම ,විමල් වීරවංශ , මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .