
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සහ (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාලව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මාස තුනක් ඇතුලත ලබා ගැනීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.
අදාල තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, සුනිල් ආර් ගමගේ සහ රවී සිරිවර්ධන,සංගීතවේදී නවරත්න ගමගේ, දර්ශන රුවන් දිසානායක, රංග දසනායක, නදීක ජයවර්ධන මහත්වරු සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීහු සහභාගී වූහ.

