ගිනි නිවීම් ඇමතුම් අංකය තාවකාලිකව ගොළු වෙයි


(අංජුල මහික වීරරත්න)

ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකයේ තාවකාලික විසන්ධි වීමක් සිදුවී ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

හදිසි ගිනි ගැනීමක් සිදුවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය අමතන ලෙස ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.