(බිමල් ශ්‍යමන් ජයසිංහ)
හිටපු ගුවන් හමුදා සෙබලෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උන්ඩයක් සමඟ අද (19) මොරගහහේන නගරයේදී අත්අඩංගුවට පත් බව පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
ඉකුත් වසරේ පෙබරවාරි මස හොරණ ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මූල්‍ය ආයතනයක නියෝජිතයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මොරගහහේන ප්‍රදේශයේට ගිය අවස්ථවේදී එම නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර ගුවන් හමුදා සෙබලාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මියගිය ඥාතියෙකු මීට වසර පහකට පමණ පෙරදී මෙම ගිනි අවිය තමාට ලබා දුන් බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.



