(ඉන්දිකා රාමනායක සහ පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල නිවසකින් පිස්තෝල දෙකක්, පතුරම් සහ තහනම් පිහි දෙකක් සමග කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලද තොරතුරකට අනුව ඇක්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ අල්මාරියක සඟවා තිබූ ඉහත ආයුධ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සොයා ගත් ආයුධ අතර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් උණ්ඩ 30, ක්, අවි රදවනයක්,මැගසින් එකක් සහ තහනම් පිහි දෙකක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.