( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාදුක්ක බෝපෙ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හිටපු හමුදා සෙබළකු ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
ආමි ඩගී නැමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත
පාදුක්ක බෝපෙ ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකේ නීති විරෝධී මත්පැන් තිබෙන බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී බෝර 12 ෂොට් ගන් ගිනි අවියක් ,උණ්ඩ තුනක් හා කොටන තුවක්කුවක් පොලිස් භාරයට ගෙන ඇත
සැකකාර පුද්ගලයා මීට වසර දොළහකට පෙර විනය හේතූන් මත යුද හමුදාවෙන් ඉවත් කළ අයෙක් බවත් පොලිසිය කියයි
ගිනි අවි යොදා ගෙන යම් අපරාධයන් සිදුකළාද යන්න 38 හැවිරිදි සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන බව පොලීසිය කියයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ