(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකරුගේ සමීපතමයන් තිදෙනකු සමග පිස්තෝල දෙකක් , ජීව උණ්ඩ දහයක්,හා මැගසින් දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
එම එක් සැකකරුවකු කටාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව අනෙක් සාමාජිකයන් දෙදෙනා මෙම පිස්තෝල ගිනි සහ අනෙකුත් උපකරණ සමග මීගමුව සහ පන්නල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 31හා 48 අතර පසුවන්නන් වන අතර පන්නල , මීගමුව හා කටාන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරුවන් මීගමුව හා කුලියාපිටිය අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

