
(යොහාන් භාසුර)
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීමට ගෑස් නිෂ්පාදන සමාගම් ඉල්ලා ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ගෑස් මිල වැඩි කිරීම සඳහා සොයා බැලීම සහ මිල අධ්‍යානය කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුවක් වෙළෙඳ අමාත්‍යවරයා පත්කර ඇති බවත් මේ දක්වා ගෑස් මිල වැඩි කර නොමැති බවත් එම නිලධාරියා පැවසීය.
ශ්‍රී ලංකා ගෘහස්ථ ගෑස් ඉල්ලුමෙන් සියයට 70 ක් පමණ සපයන ලිට්‍රෝ ගෑස් සමාගම මීට මාස දෙකකට පමණ පෙර කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 600 කට ආසන්න මුදලකින් වැඩි කිරීමට අවසර ඉල්ලා තිබූ බවත් ලාෆ් ගෑස් සමාගම අප්‍රේල් මාසයේ රුපියල් 550 කට ආසන්න මුදලකින් ඉහළ දැමීමට ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කීය.

