
(මොහොමඩ් බුහාර්ඩින්)
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය හා සම්බන්ධව ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු කරන උප කොන්ත්‍රාත් සමාගමක සේවකයෝ පිරිසක් අද(12) ගලේවෙල අලුත්වැව මංසංධියට පැමිණ විරෝධතාවක නිරත වූහ.
එම උප කොන්ත්‍රාත් සමාගමේ සේවයන්ට නිසි ලෙස වැටුප් නොගෙවීම නිසා අද සිය රාජකාරිවලින් ඉවත් වී සිටින බව එම පිරිස පැවසූහ.
පසුගිය මාර්තු මාසයේ සිට අදාළ උපකොන්ත්‍රාත් සමාගමෙන් ටිපර් හා අනෙකුත් ඉදිකිරීම් රථ සඳහා 40දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට මුදල් නොගෙවා නැති බවත්, වාහන නඩත්තු කිරීම් පවා කරගත නොහැකිව සේවකයන් අසරණ වී සිටින බවත් ඔවුහු කීහ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි උප කොන්ත්‍රාත් සමාගම ඇතුලු විවිධ පාර්ශව සමග සාකච්ඡා කළත් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවුණු බවත, එබැවින් මෙම විරෝධතාව පළකරන බවද එම පිරිස කියාසිටියහ.
ගලේවෙල පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ සේවකයන් සමඟ සාකච්ඡා කර, ඊට විසඳුමක් දෙන බව කී පසු, විරෝධතාකරුවෝ විසිර ගියහ.


