ගල්කිස්ස නීතීඥ සංගමය ගත් තීරණය


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හදිසි කරුණකට හැර ලබන 27 දක්වා ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතුවලින් වැළකී සිටිමට ගල්කිස්ස නීතීඥ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ගල්කිස්ස නීතීඥ සංගමය අද දින සිට එම අධිකරණ කටයුතු වලින් වැළකී සිටි අතර මේ සම්බන්ධයෙන් එම නීතීඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගත් බව ගල්කිස්ස නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ජගත් හාල්පන්දෙණිය මහතා පැවසිය.

තම සංගමයේ සාමාජික නීතීඥවරුන්ගේ හා එහි අධිකරණ, කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් හා කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පවතින තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත් බව ද හාල්පන්දෙණිය මහතා කීය.